Friday, April 12, 2013

උරණ විණි එමඟ

හිස් බව ම පිලිසිඳෙයි
සියුම් පිට කොදු රිදෙයි
වදන් ඊයම් බරු මෙන්
පතුලතක කිමිදෙයි

විහඟ ගී සර ඇසෙයි
විටින් විට සලිත වෙයි
විටංකය සොයා ගෙන
මං විටෙක උරණ වෙයි

ගසා යන සුළං දැක
එලන ලද දැලක් සේ
දරා ගත් සියල් තැත
නොතැන් වන තැන් ද වේ

එවන් විට වුව ද හද
නිසල වන පෙත් දිගේ
බොහෝ ඇස නොගැටෙනා
අරණ තුඩ නතර වේ

pic. from The Sound of Music Movie

No comments:

Post a Comment