Wednesday, April 3, 2013
සිත සියුම් කටුවකින් සූරනා බව දැනෙයි
දුක කියා හඬන කොට උරට උර තියා ගෙන
සිත සියුම් කටුවකින් සූරනා බව දැනෙයි
කොහා අරගෙන ආව වසන්තය එතැනදි ම
මලානික විලස මිය ඇදුණු දුක රහස කොයි
තුඩින් තුඩ අරන් හිත දිදුල මැව් වසත් මිණි
සරත් සමයේ තුරු වදුලු 'තර මෑත් වෙයි
සැලෙන මුදු සියුමැලි වු හදක් මිය ඇදෙන විට
හඳක් වුව අහස මත ගුලි ව වැතිරී හිඳියි
.
කඳු ශිඛර ගිරි වළප මිහිදුමෙන් වැසෙන කල
අකුරු වෙනුවට වලා වුව ද සිතුවම් අඳී
නැවත මිනිසුන් නොමැති අරණකට වැදි මියැසි
සරක් මෙන් මගේ හද ගුමු ගුමුව පුබුද ඒ
Subscribe to:
Post Comments (Atom)
කඳු කඳුව නැගි නැගී
ReplyDeleteසිඳු සොයන සිතිවීලී
අසරණව නෙත් යොමා
මග බලාගෙන හිඳී
තැනත් නොතැනත් වැටෙන
අඹ මලක රොන්සුණින්
ගලන ඉසියුම් සුවඳ
සිනාසෙයි දෙනෙත් අග
hradayangama kaviyak...
ReplyDelete