වසා ගමි සැඩ වියරු සුළඟට
ඉරිතලා ගිය මහී ළඳ ළය
පරවෙලා ගිය නෙළඹු කුසුමක
පෙති එකින් එක මුදු ව සිඹිමින
මඟ ඉවර නැත
ඉඩෝර ද ඇත
අතරමඟ අප බලා ගැනුමට
ළඳුනි තෙත දිය පිරුණු දෙනයන
විවර කළ මැන මහත් පොළොවට
වසන්තය අරගෙන මතක හිස
නැඟෙන විට ඉර අරුණ සමඟින
වියළි ගිම් සම වුව මිහිරි කළ
හදේ සුළතෙත් තනුව වුණ මැන
බලය වරපට ලෙදින් දන ගෙල
සිර කරන මෘග නොකල් සමයක
යුගය නිවැරදි කළ මහත් වර
රිත්මය ව නුඹ නැඟෙනු මැන නුබ
Pic. by Kusal Kanushka Suraweera
No comments:
Post a Comment