Friday, April 5, 2013

ඔබගේ මලසුන මා දුටුවා


සසරේ බියකරු කතරක මා
මලක් වෙලා දිවි මඟ පිපුණා
ඔබගේ මලසුන මා දුටුවා
මළවුන් අතරින් පිය නැඟුවා

ප්‍රභාතයේ යම් කිසි දා
අරුණලු අළු පැහැයෙන් පැහැදා
විකසිත වන්නට කලියෙන්
දුමාරයක ඔබ අත රැඳුණා
ඔබගේ මලසුන මා දුටුවා

ඉසව්වකින් සෘද්ධියෙ ලා
පලා පැහැති සිහිනය දුටුවා
ගලා නොගිය දිය බිඳ හා
එකතු ව උණු වැල්ලෙහි මිදුණා
තැති ගත් කඳුළක් ළෙහි රැඳුණා

pic. - http://favim.com/image/39018/  source - unknown

No comments:

Post a Comment