Tuesday, April 2, 2013

සොරා ගත් මොහොතවල්


සොරා ගත් මොහොතවල්
නික්ම යාමට පෙරාතු ව
රෝස මල්වලින් වසමි දොරකඩ
කඳුළු නොපිපෙනු පිණිස සදහට
කඳුළු අරගෙන වහින වැස්සට
තනුවක් රිත්මයක් ඕනෙද
මල් පිපෙන් නැත්තන් නිම්න වල
දිය කඩිති කුමකට රැඳුණෙ වෙද
වෙනත් කිරුළක් පැළඳගෙන
හෙමින් නුඹ පියමං කරන මඟ
මම කොහොම නම් ගිලී යන්නද
නුඹේ නිල ගැඹුරු දෙනෙත'ග

In love with Tristan..

No comments:

Post a Comment