
තාල තම්මැට්ටම් පුහුණු
සුන්දර ම සාදයක වයන්නද ළඟ එන
සේද වලා අතරින්
ආ ස්වර්ණ තිසරෙක්
මෝඩ කුමුදකගේ
අත ගන්න බව දැන ගෙනද
එසේ වී නම් ඉඳින්
මේ වලා එක් වී
කිම් ද මේ හැටි ම ලෝබෙන්
ස්වර්ණ තිසරා වසා ගෙන
සාදයට මත්තෙන්
එක ම එක පොඩිත්තකට
මුදු සුමුදු නෙත රිදී රේඛා
වැළඳගන්නට ඉඩ දෙන්න මට
Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890)
No comments:
Post a Comment