Tuesday, June 19, 2012

ඔනෙසික්‍රිටස්..

  • දුකට පිටවාන වුණු
  • ඇස් සඟල වසා ගෙන
  • දුටුව සිහිනෙට පර්සියන්
  • රන් රෝස මලක් ගෙන
  • ඔනෙසික්‍රිටස් ඔබ එන්න
  • ඉන්දු ගං මෝය පාරෙන්
  •  
  • අස්සයින් ගැන කතා අහන්නට
  • සුවඳ විලවුන් ඕන නෑ මට
  • ඔනෙසික්‍රිටස් ඔබෙ පෙම ම
  • සුවඳ රස ගුලාවෙකි
  •  
  • උයනක සියලු පත් අවාන් කොට
  • පුළුන් යහනක් සදා දෙන්නයි
  • නිල් මිණක් ඇත ඔබට දෙන්නට
  • යළිත් ගම් දොර එන්නයි
  •  
  • ඔනෙසික්‍රිටස්..
Picture - Josephine Wall

No comments:

Post a Comment