Saturday, January 18, 2014

කැලෑ කෙල්ලක් මං



කැලෑ කෙල්ලක් මං
වන අතු රිකිලි ඉඳන් මල් පල මුල් දන්නා
ගල් තලාවක් මත වැටී හිතු හිතු මුමුණන්නා
නෑ මේ කැලෑවේ මා ගෙල සිඳින සතුන්
කණ් පුරා විහිදෙයි සකුණ වෙණ වැයුම්
මගේ හිතේ නෑ සුවඳ මිසක කිසිවක්
තාපයෙන් මිදී තුටුයි නොවෙද පැමිණුම්
ශ්‍යාම වර්ණ සොඳුරු ගණ වනයට මම්

Picture - denis-nunez-rodriguez

6 comments:

  1. මම බොහොම පොඩි කාලේ තාත්තා ගෙනත් දුන් ඉංග්‍රීසි සුරංගනා පොතක සිට හමුවුණු, මල් පෙති මකුළු දැල් නූලෙන් එකට තබා මැසූ දිගු ගවුම් හැඳි, පයින් කොළ ගොතා සැදී හිස් පලඳනා පැළඳි, රතු පාට බිංදු හතු පොඩිත්තක් මත නිදන, පුංචි ලිය කිඳුරියක් මැවුණා කියවද්දී මෙය.... :)

    ReplyDelete
    Replies
    1. මගේ ගෙදර දෙපැත්තකින් වෙල් යායකින් වට වෙලා තියෙන්නේ.. එක පැත්තක් කැලෑව.. අනෙක් පැත්තෙන් ඔය.. මගේ කාමරේ කවුළුවෙන් පෙනෙන්නේ නිල් පාට කඳු මුදුන්.. කඳු ඇරඹුමකයි අපි ඉන්නේ.. ලෝකයෙන්, සොබා දහමෙන් මීට වඩා කෙනෙකුට ලැබෙන්න ඕන මොනවද කියල මට හිතාගන්නවත් බෑ..

      ඒ වනාන්තර මැදින් අපි දිව ගියේ පුංචි යක් කෙල්ලන් වගේ..

      Delete
    2. ඇත්තටම වාසනාවක් එහෙම ළමා වියක් ලැබෙන එක!

      මම සිහින මැව්වා එහෙම කඳු, වෙල් යායවල් ගැන...
      ඒත් ගෙන්දගම් පොළව මයි හිටියේ මගේ තනි නොතනියට...
      කාලයක් මට ඕනේ උණා රෝස දුම් රොටු නැගෙන මිටියාවතක් පෙනෙන
      කන්දක් උඩ තියෙන ඔෆීසියක
      වැඩ කරන්න!

      Delete
    3. මං තවමත් හොයනවා ඒ රස්සාව..!

      Delete
  2. Ape paththeth awith yanna http://slnawakatha.blogspot.com

    ReplyDelete