කතා නොකළ යුතු ය ඔබ මට
මගේ හොඳම යෙහෙළියන් වී සිටියාට කමක් නැත
තවකෙකු තල්ලු කර
ඉනිමං නැඟුණු ඔබ
මගේ යහළුවන් වන්නේ කොහොමද
මට එ'මඟ එන්නැයි කියා අත දිගු නොකරන්න
බැලයන් මෙන් හිස නමන්නට කියා
විහිළු ම නොකරන්න
ඔබේ ඔය මුදු හද ළඟ
මගේ රළු හිත අකැප ය
කිසි කල කතා කර නැතිද මින් පෙර
අතින් අත අල්ලා හද විවර කර
ඔබ මරා විසි කළ අය
ඔබට වඩා කලණ
සුමිතුරෙකු විය හැක මට
මිනිස මා එ ලෙස අදහමි
පුදා මේ කව ඔවුනට
Picture - 'The Pianist' Movie
No comments:
Post a Comment