ඉතා හොඳ කවි නොලියා ඔබ ව විචාරය කිරීම අසීරු දෙයක්.. මගේ බ්ලොග් එකෙත් හොඳ කවි, කවි නැතුව ඇති.. කවියෙක් වෙන්නවත්, හොඳ කවියෙක් වෙන්නවත් මං අකැමතියි.. එහෙම වුණා ම ඒ අය ආදර්ශයක් වෙන්න ඕනෑනේ.. මං සීමාවන් රිසි නෑ.. මා ලියන දේ ඇතැම් විට මිනිත්තුවක් වැනි කුඩා ක්ෂණයක ලියවෙන්නේ.. ඉතා කාර්ය බහුල නිසා.. ලියන දේ එක් කරන්නේ 100% ක් එකඟ ව නොවෙයි..
ඒත් කවියක් රස විඳින්න ගියා ම අපූර්වත්වය නැති කිසි ම දෙයකින් මා සන්තෝෂ කරන්න බෑ.. මොකක් හෝ පෙර නොවූ විරූ බවක් තියෙනවාටයි මම කැමති..
උදාහරණ විදිහට රුවන් බන්දුජීවගේ කවිවලට මම කැමතියි.. ඒ කවි හෙණ ගැහුවා වගේ මුළු අධ්‍යාත්මය ම සොලවනවා.. රසිකා ගුණවර්ධන හරි පුංචි වචන කිහිපයකින් දමා ගසනවා.. මිහිරි බව මවනවා.. ධනුෂ්කා නිශාදි කුලරත්න... දෙයියනේ ඒ කවි බස ම මිහිරියි අපූරුයි... කාංචනා කරුණාමුණිට එයාගෙම ශෛලියක් තියෙනවා.. ඒවා මැජික් කවි.. වෙඩ්ඩාට අමුතු ළයක්, රිත්මයක් තියෙනවා..
ඒ ඔක්කොටම වඩා ඒ අය බය නෑ.. නිර්භයයි... ඒ අය ම තමයි කවිය වෙන්නේ... කවියට ඒ අය වෙන්න ඕන වුණත් ඒ අයට කවියන් වෙන්න ඕනෑ නැතු ව ඇති කියා මට හැඟෙනවා..
තමන්ගේ අත්දැකීම ලියන කොට නිර්භය වෙන්න.. සේකරවත් තාගෝර්වත් ශේක්ෂ්පියර්වත් වෙන්න ඕනෑ නෑ.. තමන් තමන් වෙන්න.. වචන අතික්‍රමණය කරන්න... හිත පුපුරුවා හරින්න...
මිනිස්සු බනියි, මේ මොන විකාරද.. අභව්‍යයි.. විය නොහැකියි... මිනිසුන්ගේ දුක දන් නෑ... මිනිස්සුන්ගේ දුක වුණත් තමන්ට දැනෙන් නැත්තං ලියන්න එපා... තමන්ට දැනෙන දෙයක් මිස වෙන මොකවත් ම ලියන්න එපා... රීතිවලට සීමා මායිම්වලට යට වෙලා ලියන්නත් එපා... එක එක්කෙනා කියන විදිහට ලියන්නත් එපා
ඒත්, කවියෙක් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් වුණා ම ලස්සනයි කියලත් නිකමට දැනගෙන ඉන්න.. හොඳ කවියන් ගේ නිර්මාණ කියවන්න... ඒවා දැනෙනවාද බලන්න
ඒවා තමන්ට දැනෙන්නේ නැති නම්, 'නම්' ලොකු වුණ පමණින් ඒ ගැන තකන්නත් එපා..
කමෙන්ට්ස් කියන ඒවා ඉහට උඩින් තකන්නත් එපා.. අසාර්ථක කවිවලට වුණත් එක එක රසඥතාවයේ ප්‍රමාණයෙන් සහ වංක භාවයේ ප්‍රමාණයෙන් කමෙන්ට්ස් පත්තර ලැබෙන්නට පුළුවන්...
කවි කියන්නේ මිහිරියාව... දුකක වුණත් තැවරෙන මිහිරියාව
මේ ඔක්කොට ම වඩා... අර කඳු වගේ කවි ෆැක්ටරිවලින් පරිස්සම් වෙන්න.. කවි නොවෙන කවි වලින් පරිස්සම් වෙන්න... ඒවා කවි කියා හිතුවොත් කවියෙක් වෙන්න බැරි වෙයි.. ඕනෑ නම් ඔබට කවියෙක් වෙන්න-
ඔබේ ආරාධනාව අනුව ඔන්න මම ලිව්වා..
මගෙන් සුබ පැතුම්.. අස්වැන්නක් තනන්න.. අවුරුදු සීයකින් දෙසීයකින් වුවත් අපතේ නොයන
උදාහරණයකට මෙන්න මේ කවිය බලන්න.. වැස්සෙ චිරි චිරිය සිරි බිරිය කන් ඉස් මොල් අත් කකුල් තෙතබරියන් කරමින් දැනෙනවා නේද?
චොරොක් ගාලා සපත්තුව තුළ වතුර තෙරපෙයි වැස්ස හින්දා
තොරක් නැතිවම වහින වැස්සට කුඩෙත් මදි තෙමෙනවද මන්දා
හරක් ටික දක්කගෙන ඇවිදින් වහින වැස්සෙම ටිකිරි නැන්දා
වරක් මා හට දසන් දක්වා හරක් ටික ගාලේම බැන්දා
කකුල් දෙක මගෙ මඩින් නාවා වැලි පාරදිග වතුර පිරෙනව
උපුල් මාමගෙ ගඩොල් වාඩියෙ වල වගේ මට පාර පෙනෙනව
කෙහෙල් කොට ටික එකතු කරලා එකට බැඳලා පාරු හදනව
හිවල් හූවෙන් ජවය දාලා කොල්ලො ටික ඇළ දිගේ පදිනව
මඩ එකතු වී ඇළේ වතුරේ තිබුණු පිරිසිදු පාට මැකිලා
බඩ ගොඩක් තඩි බංඩ මාමගෙ කඩේ තේ කිරි පෙනේ මැවිලා
කුඩ එහේ යයි යළි මෙහේ එයි සේරෝම ටික දියෙන් තෙමිලා
වැඩ සැවොම ඇන හිටලා වාගෙයි ගෙවල් වල දොර ජනෙල් වහලා
වතුර වැටෙනව වක්කඩේකින් නිල් ගොයම් පැල දියෙන් තෙමෙනව
උතුර යන තෙල් අතර කැවුමක් නටනවා වගේ බුබුළු නැගෙනව
කුඹුර ලඟ මහ වැස්සෙ තෙමි තෙමි උදැල්ලක් ගෙන කවුදො වැනෙනව
චතුර මල්ලිගෙ තාත්තා විත් කඩාඬුව කැඩිලාද බලනව
වලා අහසේ ඉහළ ඉඳගෙන බුම්මගෙන බිම බලා ඉද්දී
ගලායයි ඇළ වැහැල වැඩිවුන වතුර සමගින් පැද්දි පැද්දි
ගිලා බැස්සට දියේ අල කොල යළි නැගෙන්නෙ වතුර නොරැඳී
මළා වගේ හීතල වෙලා මම ඉන්න බෑ හිරි ගඩු පිපෙද්දි
කඩේ ගාවට මේ වෙලාවට වෙනද වැඩියෙන් පිරිස එන්නේ
වඩේ කන්නට කවුරුවත් අද ඇවිත් නෑ වගෙ මට පෙනෙන්නේ
මඩේ නාගෙන මෙහෙම ගියමුත් ගෙදර ගොස් යහතින් නාන්නේ
බඩේ ඉඳලා මුළු ඇඟම තේ උගුරකින් උණුහුම් කරන්නේ

[අක්ෂර සෙනග 2009 - කවි සහ කෙටිකතා නිර්මාණ
තරගයේ කවි [පාසල්]අංශයේ හොඳම නිර්මාණය සඳහා තිළිණය දිනා ගත්තේ ඩී.
චමීන්ද්‍රා කුමාරි (අම්පාර සද්ධාතිස්ස මහ විදුහල) සිසුවියයි. මේ කව ද එම
තරගයට ඉදිරිපත් කරන ලදුව හොඳම නිර්මාණ අතරට තෝරා ගනු ලැබූවකි.]
ඩී. චමීන්ද්‍රා කුමාරි
(උපුටා ගැනුම - http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=757)
- ෂසිකා අමාලි මුණසිංහ
Picture - 'My Sassy Girl' Movie
ReplyDeleteමොකක් හරි පෙර නොවූ විරු හැඩයක් තියෙන නිර්මාණවලටයි මාත් කැමති
අම්පාරේ පාසල් දැරියගේ කවිය මා තදින් සිත් ගත්තා