සංගීතය මට ඇසුණා
සුළඟ තුරක වදිනා
තුරෙහි සුපිනි සැලෙනා
හාවෙක් කන් ගසනා
ගෝන පයක් තුරු වදුලෙන්
නොගැඹුරු දිය පනිනා
පැටි ලේනෙක් ඒ දැක සිය
සීනු නාදෙ නඟනා
ගිරි ඉස පැන සඳ ඇවිදින්
තුරුන් සුසර කරනා
මුකුළු පපා තරු පේළී
කිකිණි සිනා සලනා
ඕලු මලක සුකොමල නා
නී දිය මත ඇඳෙනා
කට කොළ පෑ තඩි මැඩියෙක්
මලට විහිළු කරනා
සංගීතය මට ඇසුණා
ම'හද වෙණෙහි නටනා
මන්මත් කර මනස් විලේ
සිය සියපත් මවනා
Picture - ilikewallpaper.net
කවිය කියවද්දී පිනි කැටයක් හිතට වැටුනා .
ReplyDeleteහාවෙක්!?
Deleteහෙහ් .හෙ.. 'හිසට' නෙවෙයි 'හිතට' වැටුනේ පිනි කැට
Delete