පාළුව ගිහින් ඇති අපේ වත්ත
හාත්පස පොල් අතු වැටී වැතිර
කදෝකිමි පෙළක් මෙන් එ මත
හිරු එළිය ඇද වැටෙනු ඇත
හාද්දක් පිණිස පෙරුම් පුරන
ගිම්හානයේ අඩදැණි සුළඟ
රාත්‍රියේ සැඟව වන ගුලක
හීන් කඳුළක් සලනු ඇත
ගෙයි වටා දුව පැන නැටූ
කොළ පාට මල් ගවුම
දැක නොරොක් බැල්මෙන් බැලූ
ඇය ද නැත - ඇය ද නැත
ගසතු 'ඟිලි වැදී තත්
කම්පිත කරන ඈ ගිතාරයක
සුළඟ සිහින් හඬ ගෙනෙනු 'ත
ඈත වනයෙන් නිහඬ
බිඳ බිඳා පුබුද පුබුදා
ම'හිත ඇමිණුව අලුව*
හඬ නඟන හැටි නිබඳ
ඇසෙනවද මිත නුඹට
අලුව* - Bow
Picture - Edward Charles Hallé, British, 1846 - 1914
ලස්සණ යි කඳූ... හැම දා මත් වගේ.
ReplyDeleteස්තූ..තියි..
Deleteවිශිෂ්ඨ නිර්මාණයක්!!!
ReplyDeleteඅලුත් කවියකින් හැමදාම ඇවිස්සෙන පරණ මතක . අගෙයි කඳු
ReplyDeleteපරණ නොවෙන පරණ මතක!
Deleteතවත් වදනක් ඉගෙනගත්තා........අලුව කියන්නේ එහෙනම් වයලින් bow එක..අනිත් එකම bow වචනයක්වත් අදාල නැද්ද?අනිත් bow ඔක්කොටම අමතරව ලංඩන් වල නගරයකුත් තියෙනව Bow කියලා. ස්තූතියි කඳු!
ReplyDeleteමං හිතන්නේ නෑ අරූ..
Delete