කොහුවල හන්දියේ සපත්තු කඩයක
උල් පිහි වගේ වහන් අඩි පෙනෙන කොට
එවන් සැතකින් අප පහරන නිතර
සපත්තු අඩියක් පෙනේ මට
හදවත බල නහර
අත් කකුල් ඇස් අතැඟිලි පවා
තලා පෙළා නියඟයට ඇද දමා
බොහෝ කලකට සරතැසට
එක වැහි බිඳක් පමුණුවන
නිදා වැටී තැන් තැන්වල
සොච්චමකට නතර වුණු ඈයන් අතර
නතර වන්නට අමතක වුණාක් මෙන් පොර බදන
අත් පා මනස් ඇත
තැලෙන පෙළෙන පුපුරන
තැලෙන පෙළෙන පුපුරන
රතිඤ්ඤාවක් වගේ වෙව්ලන
තුවක්කුවකින් එළියට පැන
පස වෙත කිඳා බසින්නට නියමිත
මොකක්දෝ දෙයක් අරගෙන
ගැල බඳ අඳින ගොනුන් මෙන්
ඔසවා ගත නොහැකි අඩි තබන
Picture owner - unknown
අපූරැ සිතිවිල්ලක් වෙනදා වගේම ඔබගේ මනා පබැඳුමින්! ඔබ හැබෑ දක්ෂියක්. දයාබර කඳු ඔබට හැකි වෙලාවක සඳුන් සෙවනට පිවිසී මා වැනි අංකුර කවියෙකුගේ නිර්මාණ විචාරය කරන මෙන් මගෙන් සුහද ආරාධනයක්. එය මගේ ඉදිරි නිර්මාණ වලට විශාල පිටුවහලක් වේවි. ඔබට ජය!!
ReplyDeleteමා කවියෙක් කියා සිතුවාටත් ඉන් නොනැවතී අංකුර නොවන කවියෙක් කියා සිතුවාටත් ස්තූතියි.. ඒත් මං හිතන් නෑ මං කවියෙක් කියා..
Deleteඉඩ ලැබෙන විදිහට උත්සාහ කර බලන්නම් විචාරිකාවක් වෙන්න.
මට තියන ප්‍රශ්නෙ ඕව දාගෙන ඇවිදින්නෙ කොහොම ද කියන එක. :D
ReplyDeleteමම නම් පොළොවට සමාන්තර ව යන කෙනෙක් :D
Deleteකිණිස්සකින් අනිනවා වගේ පොළොවට
ඒවා පළදින අයට වදයක් නෙමේ වෙන්න ඇති
දකින අපිට එහෙම වුණාට...