Saturday, November 2, 2013

ඔබේ සිනාවෙන් කඳු බිම් වැසුණා




ඔබේ සිනාවෙන් කඳු බිම් වැසුණා
වැහි පිට වැහි පිට වැහි ඇද හැලුණා
තුරු ලිය තෙමුණා - වන මල් පිපුණා
රංජන නන්දන ගීතය වැයුණා

සිනා ගඟුල් දිය නිම්නය පිරුණා
සෛල තලා පිස පාතට ඇදුණා
මල් මකරන්දය මත මුව අමුණා
සිල් ගත් අහසක බඹසර බිඳුණා

විදුලිය දිවුණා රණකම් මැවුණා
රනින් මැවුණ හද මුතු මිණ දිලුණා
සිහින් වලා නෙරියක රැළි ලිහුණා
සියුම් සිනිඳු මල් මතකෙට බැඳුණා

Picture - 'English Patient'

6 comments:

  1. හරිම අපූරැ කවි සිතිවිල්ලක් කඳු! මම ගොඩක් රස වින්ඳා. තව තව නිර්මාණ බිහි කරන්න ඔබට ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..!!

      Delete
  2. කදූ,

    ශෘංගාරය ලස්සනට පද බැදලා.ඔබ තුලින් දැකපු අලුත් ආරක කවියක්. අපි පුළුවන් හැම වෙලාවෙම මේ පැත්තට එනවා.ඔබේ කවි රස විදිනවා. ඇත්තට ම ඔබ සතු කවි හැකියාව අපි අගය කරනවා. ඉදිරියටත් ලස්සන කවි ලියන්න කියලා සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි..!! මේ දවස්වල ඇදහැලෙන වැස්සටයි ලියැවුණේ... ඒත්.., ලියලා කියවනකොට ඒක වෙනස් එකක් :)

      Delete

  3. සත්සර මැවුණා හද කිති කැවුනා
    කුමාර කලිදස් ඉඟි බිඟි ඇසුනා

    ReplyDelete