
මලින් පිරි වසන්තය ඇවිත් දෝතින් අරන්
වැටින් පැන එනු බැරි ය නොකිව සොඳුරිය තවත්
ලොවින් සඟවා මියෙනු හැකි වුවත් ආලයක්
ඉතින් නුඹ නැතිව දිවි ගෙවනු බැරි තව දිනක්
ඇසින් සැඟවී තබන තාලයට පියට පිය
හදින් නොම සැලෙන්නෙමි ප්‍රේමයක අසිපතට
දරන්නට නොහැකි බව ඉගිල ගියහොත් දුර
වයන්නද ගයන්නද නිහඬ ව ම සොඳුරිය
Picture - Colin Staples
No comments:
Post a Comment