සවන් පුරා විඳි බිඟු නද මන නන්දයි
ලවන් සිඹි දෙලුම් දං දමුණු ද වින්ඳයි
මුවන් පැන දුවන ලඳු කඳු ආනන්දයි
නිවන් යන්ට බැරි මට මගෙ ගම හින්දයි
මීදුම් අතරමං වන කඳු සානු අග
පාදම් නතර විය කවි හදකට සු ළඟ
ලා දම් පාට කඳු හිස් සිඹි සඳ සුසග
මා දං පැසෙන්නට පෙර නික්මුණු දුරග
සාරිය අතැර දා වියැළි ව ගිය ගතින
ආදිය පල වෘක්ෂ අත ඇර කඳු අඟන
නාරිය කොහිද සියුමැලි විමසන නෙතින
රා දිය හලා 'මතු කරවයි හද විමන
Picture - Franz Bischoff, Austrian/American, 1864 - 1929
අපේ ගම ඔය කියන තරම් ලස්සන නැහැ. ඒත් අපි ආදරෙයි.. :)
ReplyDeleteow, ehema thamayi..
Deleteදෙතැනක පිහිටි එළිවැට අපූරු යි.
ReplyDeleteස්තූතියි!
Deleteෂා අපුරුයි නොවැ..පංකාදු පහයි
ReplyDeleteස්තූතියි..
Deleteමගේ ගම් පියස මතක් උනා....
ReplyDeletehm..
Delete