
වැටෙන තුරු පතටත් පපුව ගැහෙන
අඳුරු ඇස් යුග අතර දැවෙන
කඳුළකට වුව පණක් තියෙන
කවියෙකුගෙ හදවතක්
රෙජිමෙකට උගුලන්ට හැකිද
වසන්තය ගිරි කුළු අතර
ගම් බිම් අවුලුවා බිඳුණු සර
දුක හැලෙන පෑනකින් නිම කළ
වීදුරු හදවතට
තබත හැකිවෙද කුළු පහර
විඳ විඳ නරුම අව නද
බිඳ බිඳ නොවේ සුවිසල
නැඟු ඉකියකට ඉව කළ
සුනඛයනි තොප මිල කළ
කවියන්ට අත තියන්ඩ එපා 'ඩෝ..
Picture - Christopher Anderson (Photography, Magnum Photos, b. Canada 1970): VENEZUELA. Caracas. 2006.
යකඩෝ !
ReplyDeleteඑළ
ReplyDeleteඅම්මපා උඹ හරි ඩෝ!!!
ReplyDeleteලස්සනයි... ඇත්තමයි... දුකයි... ඒත් අගෙයි..
ReplyDeleteස්තූතියි කියාවත්
Deleteකිව හැකිද තරු රසී
ඇණ ගසා ඇති විටෙක
නිල අහස් ගැබ පුරා
සොහොන් මල් පිපෙන්නේ
මරණයය පෙනෙන්නේ..