දිනය : 2013.10.28
වේලාව : පස්වරු 5.35
ස්ථානය ; නුගේගොඩ
වැඩ ඇරී එළවළු ගැනීමට යාමට සිතූ මම ඒ සඳහා මුදල් බෑගයේ පිට පොකැට්ටුවේ ඔබා ගතිමි.දුරකථනය ද එහි ඔබා ගත් මම පාර මාරු වීමට මොහොතක් බලා සිටින අතර 176 බසයක් පැමිණ බස් හෝල්ටුවේ නතර විය. එ වර පස්සේ එළවළු ගන්නවා යැයි සිතූ මම දිව ගොස් බසයට නැඟ ගත්තේ ඉක්මනින් ගෙදර යාම වඩා රිසි වූ බැවිනි.
මා බසයේ යන්නේ මහත් අවධානයෙනි.ටිකට් එකට අවශ්‍ය මුදල් එළියට ගෙන ටිකට් එක ගැනීමට සැරසුණු විට මා දෙපසින් අදාළ නිල ඇඳුම ඇඳ ගත් කොන්දොස්තරලා දෙදෙනෙක් මතු විය. කාටද සල්ලි දෙන්නේයි මඳක් අවුලට පත් වී මම එක් අයෙකු වෙත මුදල් දිගු කළෙමි. අදාළ ඉතිරි මුදල ලබා ගත් මම නැවත බෑගය ඇරියෙමි. සියල්ලට ම යන්නට ඇත්තේ තත්පර පහළවකි. එහෙත්, පුදුමයකි, එහි මුදල් හෝ දුරකථනය හෝ නොවී ය.
කිණිස්සක් සම පසාරු කරගෙන හදවත වෙත ගමන් ගන්නාක් මෙන් මට දැනුණි. ඒ අත්තම්මා ජීවත් ව සිටින කාලයේ මා විසින් පටිගත කරන ලද ඇගේ කතා තිබුණේ නැති වුණු දුරකථනයේ නිසා ය. සියල්ල නිසොල්මන් ය. කිසිවෙකුත් මෙය නොදැක්කාද? එසේ වුණේ කොහොමද? මා බෑගයේ පොකට්ටුව හරවා ගෙන තිබුණේ ද මා වෙත ය.
ඒ දුරකථනයේ වර්ගය මා මතකයෙන් දැන නොතිබුණා පමණක් ද නොව එහි කිසිදු අංකයක් ද මම නොදැන සිටියෙමි. එහෙත් මා සේවය කරනු ලබන්නේ නෙට් වර්කින් හා සම්බන්ධ සමාගමක බැවින් එ වෙත වහා කතා කළ මම දුරකථනය අතැති පුද්ගලයා ඒ මොහොතේදී සිටින්නේ කොතැනදැයි පිරික්සන ලෙස පැවසුවෙමි. මොහොතකින් මට පිළිතුර ලැබිණි. “නුගේගොඩ රේල් වේ ස්ටේෂන් එකේ..”
නිවැරදි ය. මේ සියල්ල නැති වීමට ගත වූයේ ඉතා සුළු මොහොතකි. එසේ නම්, ඔහු හෝ ඇය එසැණින් ම බසයෙන් බැස ගොස් ය. මා බසයට නැඟුණේ නුගේගොඩ පොදු වෙළඳසැල අසලිනි. ගුවන් පාලම අසලට බසය එන විට දුරකථනයත් මුදලුත් නැත.
දුරකථනය අවුරුදු හයකට වඩා පැරණි එකකි. එය මා හට එතරම් අමිල වන්නේ ද එ බැවිනි. එය පසු කර ආ මං මාවත්හි මතක ගබඩාවකි. අත්තම්මාගේ, මා සමීපතමයන්ගේ හඬ පටිගත කිරීම්, සකර කර කොතැනක හෝ ලියන්නට බැරි වුණු නොපළ කවි ගබඩාවක්, මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදී මා වෙත ලැබුණු අලංකාර පණිවුඩ... ඒ හැමකක් ම නොවැදගත් අසත්පුරුෂයෙකුගේ අතට ගොසින් ය.
දුරකථනයේ වැදගත් වන තොරතුරු සුරක්ෂිත කොට තැනෙක ලියා නොතැබීමේ නොසැලකිල්ල නිසා මට එය නැවත සොයා ගන්නටත් බැරි ය.
කඳුළු පේළියක් මා මුහුණ මතින් ඇදී යන්නට විය.
එහෙත්, ඔයින් ගියා ඇති ය, අත්තම්මාත් නැති වුණු එකේ අත්තම්මාගේ හඬ නැති වී යැයි ඉකි ගසා හැඬිය නොහැක. 'The Pianist' ට ජීවිතේ හැම දේ ම නැති වුණේ ය. Almashy ට K නැති විය. අත්තම්මාගේ හඬ වුව මා ජීවත් වන තුරු අසනු ඇත. මා ද නැති වනු ඇත. ඉන් පසු එය කවුරු අසන්නටද?
හඬන්නට දෙයක් නැත. මම හිත හදා ගතිමි. එහෙත්, මේ මොහොතෙත් මගේ හිතේ කම්පනයකි. සොර මුළකට අසු වූ කුඩා දැරියකට දැනෙනා සුලු කම්පනයකි.ඒ කම්පනය දැනුණු මිනිසෙක් කිසි කලෙක හොරකම් කරනු නැතැයි මට සිතේ.
ලෝකය ලස්සන නැත; මා වුව මගේ ජීවිතය තුළ ලස්සන දේවල් විතරක් නතර කර ගන්නවා පමණි.
Picture - Andrey Kartashov, Ukranian, Born 1974
හොරා මාර දක්ශයෙක් නෙ.හරිම කනගාටුයි කදු.
ReplyDeleteහය හතර
ඒත්, වැරදි කරන්න දක්ෂ වෙලා මොකටද??
Deleteවෙන අයට දුක හිතෙන්නේ ෆෝන් එකේ මූල්‍යමය වටිනා කම නිසා..
ReplyDeleteඑහෙත් ඔබ..
//කිණිස්සක් සම පසාරු කරගෙන හදවත වෙත ගමන් ගන්නාක් මෙන් මට දැනුණි. ඒ අත්තම්මා ජීවත් ව සිටින කාලයේ මා විසින් පටිගත කරන ලද ඇගේ කතා තිබුණේ නැති වුණු දුරකථනයේ නිසා ය.//
කණගාටුයි..
නාවල පැත්තේ ඉන්න ගැෂ්ටෙක්ගෙන් අහලා බලන්න.අඩු ගානේ සිම් එකවත් ගන්න පුලුවන්ද කියලා.
ReplyDelete??.. සිම් එක නම් ආපහු ගන්න පුළුවන්නේ.. ඒක මට ඉබේ ම ලැබෙන සිම් එකක්.. මට ෆෝන් එක ඕනත් නෑ.. අර recordings ටික ලැබෙනව නම්..
Deleteඒත් මං ඒ ගැනත් හිත හදාගෙන ඉන්නෙ..
හැමදාම ඒ බස් එකේ යන්න වෙන එකයි මට එපා වෙන දේ..
අපිටත් ඔබේ දුක තේරෙනවා කඳු ඒත් හැම දේම අනිත්‍යයි කියලා හිත හදා ගමු..
ReplyDeleteදුරකතනය සොයාගන්න පුලුවන් පොලීසියට පැමිනිල්ලක් කරන්න එමි අන්කය සහිතව.
ReplyDeleteඅංක ලියා ගෙන නැති එකනේ අවුල
Deleteමේකට මොකද්ද කියන්නේ...... කියන්නනම් දෙවල් ගොඩායි එත් මුකුත්ම නොකියා ඉන්න එක වඩාත්ම හොදයි කියලා හිතෙනවා
ReplyDelete