Friday, October 9, 2020

සුජාතා


ඇරුණු අඩවන් දෑස පිසිමින් බත් උයනවද සුජාතා   
වැඩට යන කණිසමට කලියෙන් බත් බඳිනවද සුජාතා   
මැදපු කලිසන් කමිස පේළිය ඇඳ උඩද තව සුජාතා   
හැඩට ඉන්නට වෙලාවක් නැති තරං වැඩ ඇති සුජාතා 

වැව්ව ගස් ටික දියෙන් නහවා ගෙතුළටම වන් සුජාතා 
වැස්ස එන්නට කලින් රෙදි ටික ගන්නවද ගෙට සුජාතා 
ඇත්තටම ඇඟපතේ තැවුලට නුරුස්නාවද සුජාතා
ඇඳට වැටුණේ රැයේ මැදියම හුස්ම නැතිවද සුජාතා 

අයින් වී ජොබ් එකෙන් නිති පවුලටම කැපවුණු සුජාතා 
සබන් පෙණ මැද ඔට්ටු අල්ලයි උදේ වරුවම සුජාතා
ළයින් බැඳි පෙම නොදැනෙනා බව කියූ හිමි හිමි සුජාතා 
ඉතින් දැන් ඇති තරං බැඳි බත්, පිට උගුරෙ යයි සුජාතා

Shasika Amali Munasinghe
Painting: Sir Edward Burne-JonesEnglish, 1833 - 1898 Desiderium

No comments:

Post a Comment