Wednesday, October 7, 2020

හුස්ම හිරවෙන මොහොත

වලාකුළු බිඳකුදු නොමැති තරමට
කඳු මත අහස නිරාවරණය
අලස ගමනින් පියඹන සියොත් කැල
වියැක යයි සාමාන්‍ය දසුනක් මෙන් මිහිදුමෙහි
සෑම වර්ණයක්ම එකට එක්වුණු
කලු පැහැයකි ගන විල්ලුව
ප්‍රකෘතිය වසා දත් විළිස්සන
මිනී කඳුකර පාමුල
මට
හුස්ම ගන්නට නො හැකිය

හතිය මා පපුතුර දවයි
දාගැබ් බඳු හදවත් පුපුරා වැටෙයි
දුලා නුඹ වත පවා
අන්ධකාරයකින් සඟවයි

තුවක්කුවක් තැබු විට හිසට
හුස්ම හිරවෙන මොහොත
සැබෑ මිනිසෙකුට එදිරිව දිවුරමින්
සැබෑ නොවනා සාක්කි දෙන මොහොත
ගෙල සිරකර දණින්, වැලමිටින්
දෙණ විසි කර දමන මොහොත!
එහෙව් මොහොතක මා බිඳුණු හදවත මිනිස,
මස් වැදැල්ලකි, ඔබට

No comments:

Post a Comment