Saturday, October 31, 2020

කන්දක් ගැන ලිවිය හැක මට

 
















රෝස මල් නැති නිසා මෙහි 
රෝස මල් ගැන ලිවිය නොහැකිය මට
මිටියාවත් නැති නිසා මෙහි 
මිටියාවත් ගැන ලිවිය නොහැකිය 
එහෙත් ඔබ මා පෙළන හැමවිට 
කන්දක් ගැන ලිවිය හැක මට

තලා මා, අත ඇති සියලු අවියෙන 
බලා ඔබ, දාහයෙන් පෙළී ඇවිලෙන  
ඔබ ගැනම බිය දැනෙයි මට 
බිළින්දෙකු වී ඔබ මා අත 
සිටින්නට ඇති තරම, සසරක දුර

එවන් විට මෙන්, දැවෙන හිත ගෙන අත්ලට 
මඩින්නට නොහැක සිලිලාර ඉසිමින 
අප අතර කිසි ඇසුරක් නැති කොට 
අතර ඔබ හැටිය දැන පල නෙලන අන් දන 
 
හදැසුරට කිසිවෙකුත් නොඈඳෙන 
'මුත් සියක් දන පිරිවරාගෙන 
කල්පයක දුක දරාගෙන 
කන්දක් නොවෙයි පරිණාමය 
බලන්න අර දෙබෑවුම 
බිඳී ඇති හැටි නායෙන.

Picture - Kenro Izu

No comments:

Post a Comment