Wednesday, October 14, 2020

බෝල්ෂෙවික් විප්ලවය අපෙ ගෙදර

මොන්ටිසෝරි බසයේ නලා හඬ නාද වන තුරු
බෝල්ෂෙවික් විප්ලවය අපෙ ගෙදර
බයිකල් විලෙන් පැන සයිකල් පදින අස්සයො
ඒන්ජල් ඇල්ල මෙන් කැලඹවෙන ජල බේසම
ආක්ටික් වගෙ ඝනීභවනය වී ගෙන
දත් ටික මැදෙන්නෙම ටීකා කියාගෙන

අයිස් කැට පෙට්ටිය ගමනකිය කෑම පෙට්ටියේ
ගෙදර ඉන්නට පාලු කිතුල් ඇටයෙකි සාක්කුවේ
පෙඳ පාසි පොත් අතර ඇමසන් වනය මාරුතේ
පන්තියට යන අරගලය ගේට්ටුවෙ එල්ලී ඇතේ

බෝල්ෂෙවික් විප්ලවය අපෙ ගෙදර

- ෂසිකා අමාලි මුණසිංහ

https://epaper.dinamina.lk/Home/ShareArticle...

No comments:

Post a Comment