ඔබ මට කවියක් ලියන්නට කීවෙහිය
මම ඔබ වෙනුවෙන් සිතුවමක් ඇඳීමි
තුරුපත් එකින් එක ගිලිහ යන විට
ඔබට බැරි ඇයි දැන් නටන්නට..?
'පෙම්වත
රැළි ගවුම නොසොල්වාම
මම ගයන්නෙමි ඔබ වෙනුවෙන්
සිතාරය තත් බිඳිමින්..'
ඵලක් වේ නම් මිහිරිතම තුර
පෙමක් මිස අන් කිසිවකිද ලොව?
දැලක් ලා වළකන්න හැකි වෙද
සුළඟ හෝ නල දැවටි සුසුවඳ?
No comments:
Post a Comment