සියවසකට එහා මිය ගිය
රදල කතකගෙ රුවක්
අලවා තම මුහුණු පොත් මත
ගරහනු දුටිමි පිරිමි ජන සමූහය
රෙදිවලින් පොරවා නියමිතව තිබු එකල
බරණ ගවසා නියමිතව තිබු එකල
ඇය හිඳී බැල්මකිනිදු විරතව එකලු
සේයාරුවක් පිණිස නියමිතව තිබු පරිදි
රෙදි පිළි යටින් ආවරණ
තිබිණිද හදවතක් ඈ වෙත?
එ'හදවත මත රහසේම මතුවන
කඳුළු ගුලියක් දැනේ මා වෙත
ෂසිකා අමාලි මුණසිංහ
No comments:
Post a Comment