Saturday, October 10, 2020

ඩැන්ඩිලියොන් කුසුම




















ප්‍රේමයේ මුනිවර චාරිකාවන් අතර
සුමට කුසුමක ලෙද පිපී ඇත ඔබ
ඔබ ඇවිද යන හඬ ඇසේ මට
අල්තාරය වෙත
ඔබ ප්‍රේමයේ දෙවඟනකව සිටියදී
දෙවියන් කොතරම් අන්ධදැයි
කල්පනා කරමි මම

වියරණ දොසක් පවා නොමැතිව
සෙව්වන්දියක ලෙද පිපී කඳු නිම්නෙක
වයයි ඔබ සන්තාන ගීතිකාවක පද
පෙම මතුර ගල්වා සුමිහිරිව
වැතිර තනු අතර ඔබ සුමුදු හද මිහිර
ගලා යන අතර නිම්නයෙන් නිම්නයට
දෙවියන් කොතරම් බිහිරිදැයි
කල්පනා කරමි මම

අඳ බිහිරි දෙවියන් අතර
විප්‍රවාසී විශ්වාසයක ගැලී නොගැලී
අසම්පූර්ණ ලොවක පරිපූර්ණත්වය
හුදෙකලා කළ බැවින් ඩැන්ඩිලියොන් කුසුම
දෙවිඳ, ඔබ හඬද, නොහඬවනු මැන

Shasika Amali Munasinghe

Painting: "The Valley of Arconville", c. 1887, By Theodore Robinson, American painter best known for his Impressionist landscapes (1852-1896)

No comments:

Post a Comment