දෙවියන් කවරාකාරද කියා
එහෙත් කිසි විටෙක නොසිතේ
බෙල්ලන්විල දේවාල කුටියක
පිල්ලෑව බෝධිය වට
තැන තැන යාතිකා පවත්වන මැඳුරු අස
බලයට ලොබ බඳින්නන්ගේ සුරතට සිරව
ඔවුන් ලොව ඇතැයි කියා
මිනිසුන් ඇඳ, අඹා ඇති සැටියෙන්
නොසිතේ මට දෙවියන් ගැන
දෙවියන් තුරු වදුලක මැවෙන
සසොබන ශ්වේත කුසුමක් විය නොහැකිද
සිසිරයක වැටෙන හිම පියල්ලක් මෙන්
සැහැල්ලු විය නොහැකිද
නුඹ අරා වැජඹෙන කඳුවැටියක් විය නොහැකිද
දෙවියන් ගැන මට හිතෙන්නේ එලෙසය
Picture - JMW Turner
අනගි කවි පෙළ
ReplyDeleteකඳු ඔබට ජය!
ස්තූතියි!!!
Deleteමට මේ නිසැදැස් පෙල කියවනකොට ටී.එම් ජයරත්න මහත්තයගෙ ලස්සන සිංදුවක් මතක් වුනා(.අදුරු කුටිය තුල දොරගුලුලාගෙන..........)ලස්සනයි නිසැදස.
ReplyDeleteස්තූතියි!!!
Delete