
මා සිරුර වටා ඇති
ළමා හම ගලවමි
වැඩිහිටියෙකුට හිමිව ඇති
සම් මසින් සැරසෙමි
කැඩපතෙහි ඇති ලොකු වටකුරු ඇස්
කඳුළු අහුරක් හිමි!
ගලවන්ට නියම වූ ළමා හම
හොරෙන් යළි ඇඳ ගමි
ගස් වටේ කඳු වටේ
ප්‍රීතියෙන් ඇවිදිමි
Picture - Floral hairdressing from artist Hanayuishi Takaya
කාලයත් එක්ක වැඩියෙන්ම 'මිස්' වෙන ඇඳුම - ළමාහම
ReplyDeleteකෙටි උනත් ලස්සනයි ඒ වගේම ලොකු අර්ථයක් තියෙනවා.
ReplyDeleteජය වේවා!!!
පෞරුෂ විඝටනය !!!
ReplyDeletesame story here... :)
ReplyDelete