
ජීවිතේ අබග්ග සමයක
මා අත ගෙන ඉතා මෘදුව
ඕනෑ මගේ හදවතය
කී මහ රජෙකි ඔබ, මා හිමිය
ඔබේ ඇස් මොනතරම් පවිත්‍රද
එතරම් පැහැදිලිද පෑදි දියකද
ඔබේ හද කොතරම් සුවඳද
දෙව් ලොව කුසුම් ඇකිළෙයි ඔබ සුවඳට
තලා පෙළද්දී මුළු මහත් ලෝකය
කඳු මුදුනකට මා කැටුව ආ ඔබ
දකින්නට මුළු මහත් ලෝකය
මා ඇස දිදුල කළෙහිය
ගාථා පොතට තව හිඟ
වන්දනාවකි සොඳුරු ඔබ හිත
හොයා ගන්නට සුදුසු ගී පද
තවම උගනෙමිය පෙළ පොත
Picture - Stian Rekdal
වෙනස් කවි ටිකක් ලියල
ReplyDeleteකේන්තිත් යනව මට නම්
කවි ලියන්න බෑ දැන් මට
Deleteප්‍රශ්න විසඳල විසඳල හෙම්බත් වෙලා හවසට
ඇඟිලි තුඩු වෙවුලනව පියානෝවක් නැති වුණත් අත ළඟ
වැයෙන්නට බැරි ගසල් ගීයක් වගේ රළු තතක හිරවී නද
කිව්වෙ කවි කැතයි කියල නෙවෙයි.
Deleteමේ .. මේ.. ප්‍රේමය. කේන්තිය ඒකට
මේ කවි ටික නම් හරි ලස්සනයි. අනිත් ඒවා වගේ වැඩිය හිතන්න දේවල් නෑ :D.
ReplyDeleteජය වේවා!!!
අබග්ග සමයෙදි ළඟ ඉන්න ප්‍රේමය මාතෘ ප්‍රේමය හා සමානයි
ReplyDeleteනීරසයි බවක් තියෙනවා...
ReplyDeleteලස්සනයි,සොඳුරු ආදරවන්තයෙක් හැඩයි.
ReplyDeleteමෙහෙම අත් දකිමකුත් තිබෙනවා. මේ රයින් ගඟ නේද?
ReplyDeletehttp://nelumyaya.com/?p=2939