ශීතය හමා එයි කවුළු පියන්පත් හැර
සඳ එළිය තවරා ඇති නමුදු ළාවට
හිම මත මිදී යන අර ඈත ගංගාව
වනපෙතින් හඹා එන වෘක නදකින් සැලී යයි
කසු කුසුව සුළඟට ළෙලෙන අතු අග
ශ්වේතය රැගෙන එන හිම කැට හා මුසු වෙයි
කුසුමක සුසුම් මිස පුල් කුසුම් ගෙන එන්න
සිසිරයට පුළුවන්ද රොබින් කුරුල්ලෙක් අසයි
අඩි තබා යන්න ඔබ ගංගාව මතින් සකිසඳ
ඔබ දරා ගැන්මට ගංගාවක් වුණත් ගොලු වෙයි
ඔබේ පා සටහන් තබා ගිය තැන් වල
මහා කව්සිළුමිණක් බිහිවෙයි!
Picture - From Kilian Schönberger's "Brothers Grimm's Homeland" series! http://huff.to/1i9MvWe
ලස්සනයි. ඔය හැටි හැමදාම කවි සිතුවිලි කොහෙන් පහළ වන්නේදැයි මට සිතෙයි :D.
ReplyDeleteජය වේවා!!!