
පඬු පාටින් අහස වැළපෙන කොට
අශ්වයෙක් වගේ ඔබ හිටියෙ බොහොම හදිස්සිව
යන්නම් කියන්නත් අමතකම වෙන තරමට
දිගු අඩිවලින් මහ මුහුදෙ ගිලුණෙ ඉර
ඔබේ බෝතල් කණ්ණාඩි දෙකත් එක්ක
වාඩිවෙලා ඉන්න කොට පන්තියේ ඉස්සර
කඳුකරේ මල් පිපුණෙ
ඔබෙ රුව බලන්නත් එක්කල
දූවිලි පාරක් වුණත් මල් පාරක් වගේ පෙනෙන තරමට
ඔබ මගේ හදවතේ මල් උයන් තැනුව ඉක්මන!
Picture - Vladimir Volegov
//දූවිලි පාරක් වුණත් මල් පාරක් වගේ පෙනෙන තරමට
ReplyDeleteඔබ මගේ හදවතේ මල් උයන් තැනුව ඉක්මන!// සුන්දරයි
තුමුල මල් උයන් අස සැවස ඇසක් ඉඟිමරන
ReplyDeleteයොවුන් සමනලුන් බෝ විය එකල
මල් හිසක් ඇද සිඹින තරමට ප්‍රගල්භව
උන් එකෙක් අල්වාන - නවාතැන් ගැන්වීය පෙති මත
කැන්වසය මත වැතිර මැව් හැම සිහිනෙම
රතු රෝස යායක් දෙකක් සිත්තම් විය
ස්වප්නයෙන් මිදුන නෙත් පියවිලි හරිමි මම
රෝස පෙති සේරෝම නුඹට ය. කටු විතරක් මට ය.
මලා, ඉස්පෙලින් මිට්ටේක්!
Delete"සැවස" නෙමෙයි "ගැවස"