Friday, August 3, 2012

Tie a Yellow Ribbon!

ගැට ගසනු මැනවි
කහ පාට පුංචි රිබන් පටියක්
පැරණි ම ඕක් ගහ වටේ
තවමම ඔබ මට ආදරේ නම්
තවමම ඔබට මා අවැසි නම්...

හැර සිපිරි ගෙයි බෝ දුර
බලාපොරොත්තුවෙන් ජීවිතය පිරිසිඳ
ඔබ ආදරය සුරැකි නම්
මම එමි වයිට් ඕක් බලා

මියුරූ ම සෙනෙහසේ වදන් පොදි බැඳ
මිහිරී ම පෙර මතකයෙහි සුකිමිද
සොඳුරිය ඔබ පුදසුන මත තැබූ
සැළමුතු පෙම සොය සොයා
එමි මම,
එමි මම වයිට් ඕක් බලා

Source - http://en.wikipedia.org/wiki/Yellow_ribbon

No comments:

Post a Comment