මන්ද මාරුතයෙන් වෙළී එන
චන්ද ආලෝකයක දැවටෙන
ලන්ද මත පිපි කුන්ද මල් පෙති
පරවෙලා ඇත සොඳුර තව ම ම
නන්ද වනපෙත පාළු සිතුවම්
පාට කර කර කවිඳු මුමුණුව
සොඳුර නුඹ ගිය කලෙක අත හැර
නින්ද නොම එයි රුදු තුරුණු විය
වෘන්ද වැයුමන් අසල කුසුමන්
සලිත වන'රුම කියා ගයමින්
පියඹ නුඹ ගිය අරණ අත හැර
එම්ද මම අවසඟ දෙපා ගෙන
Picture - Yuri Obukhovsk, Russian, born 1965
No comments:
Post a Comment