Friday, August 10, 2012

සිහිනයක-




මා ඇවිද ගිය ඒ මං මාවත් මොනවාද? ඇතැම් විට, පෙර භවයක අප ඇවිද ගිය ඒවා විය හැක. ඒ දෙපස උස් ගසින් හා කහ පැහැති මලින් පිරී තිබිණ. තැනින් තැන වාලුකා කඳු දිස් වන්නට විය. ඔබ සේද සළු පැළඳි කුමරකු ව තුරඟකු පිට නැග කඳු දෙබෑ කර නැගී ආවේ ය. අපගේ බැඳුම වෙනත් භවයන් පුරා දිව ආවෙකැයි හිස ගස්සමින් නොකියා කියා ගියේ ය. විසුළ කහ පැහැ මල් පෙති වශීකෘත ව අප දෙස බලා සිටියහ.

"ප්‍රේමය බැඳුමක් බව වැටහේද සොඳුර?"
"වැටහේ ය ප්‍රියය"
"ඉඳින්, ඉන් මිදිය යුතු බව වැටහේද?"
"නැත."
"හැම භවයක ම ඔබ හා විසීමි. මෙ වර අප හමු නොවීම වැටහේද?"
"නැත.. නැත.. නැත.."

ජීවිත කාලය ම ඔබට ආලය කරමින් ගෙවුමට මට අවැසි ය. නොගැලපෙන ලෝකයන් එක් කෙරුමට මට අවැසි ය. ඔව්, මට ඔබට ආලය කිරීමට අවැසි ය.

1 comment:

  1. ඔන්න ඔය මාතෘකාව යටතේ කමෙන්ට් කිරීමට නොතේරේ

    ReplyDelete