
කැතරින් මට දැන්
එහෙමය පෙනෙන්නේ වන මල්
ඔබෙ නුවන් රතු තොල්
පුබුදුවයි කඳු අතර මල්
ඔබමය ගන දීප්ත අහස
ඔබමය පාණ්ඩු පාට සන්ධ්‍යාව
ඔබමය රළ නොනඟා නිදන විල
ඔබමය ගොස නඟා ගලන ගඟ
සංසාරය වගේ වක් වෙලා
එහෙමය පෙනෙන්නේ රන් වලා
ඔබේ ඇස් අතර රොක් වෙලා
කඳු පවා හිඳී ගල් වෙලා
Picture - Adolf Mosengel
ඔබේ ඇස් අතර රොක් වෙලා
ReplyDeleteකඳු පවා හිඳී ගල් වෙලා
මේක නම් මටත් වෙනවා....
ඒ කොහොමද? :))
Delete