
විරහවෙන් පෙළෙන කිසිවෙකු
මෝහයෙන් මිදෙන්නේ නැත
විරහවෙන් පෙළෙනවා යන්නෙහි
තේරුමත් ඒකය
ගසා දැමූ බිත්තරයක පැහැයෙන්
සන්ධ්‍යා අහස තැවෙන කල
බලා සිටින්නා මෙන්ය නොනැවත
වඩින්නා යැයි හිරු සුපෙම්වත
සුපිරිසිදු නැත, බොරය
දෙගොඩ තලා ගිය කල ගඟ වතුර
තාරකා'ළියටවත් නොපා කැඩපත
රළ නඟන්නෙය මහ මුහුද
Picture - Alfred Sisley, French, 1839 - 1899
හරිම ලස්සනයි,, ඔයා මගේ කවියා ..
ReplyDeleteකවියන් කියා කොටහක් නෑ අපූර්වී.. ඉන්නෙ නිකං මිනිස්සු විතරයි.. :)
Deleteහැම මිනිහටම කවි ලියන්නත් පුළුවන් ඇති අපි කැමති වචන නැති හි හි .. කෙසේ නමුත් නංගි/අක්කා ඔබේ කවි මට නම් එකක් නෑර අනර්ගයි
Deleteපට්ට....
ReplyDeleteහිස් තැන පියවගන්න කෙනෙක් හෝ ක්‍රමයක් ලැබෙන තාක් මෝහයෙන් මොහයටම යෑමයි ස්වභාවය ...
ReplyDeleteවෙල්කම් shan අයියේ
ReplyDeleteවෙල්කම් අපූර්වී ... කොහොමද ඔයාලට ...
Deleteමේල් එකක් එවන්න අයියේ .
Deleteමිහිඳුම් සළු සේල ඉරමින් වතපාන
ReplyDeleteකඳුකර කොමලියේ ඔබෙ රුව අසමාන
නුබ කුස සිප ගන්න නුඹ බලනා මාන
සොඳුරිය නුඹ නෙන්ම මම දකිනෙමි හීන..
මේ කඳු ගැන අපේ අම්මා මීට තිස් අවුරුද්දකට විතර කලින් නමුණුකුළ පාමුල ඉඳන්ම ලියූ කවියක්.. 'කඳු' ගැන බොහෝ දෙනෙකු එදා නෙළුම් යාය වෙලාවේ කතා කරනවා අහං හිටියත් අද තමයි මේ සබැඳිය ලැබුනේ.. ගමේ කවිකාරියක් අඳුනා ගැනීමට ලැබීම සතුටක්.. ඉසිඹුවක් ලද විටෙක කලාහිතටත් ගොඩ වෙන්න. ජය ශ්‍රී!
ස්තූතියි!!!
Deleteහරිම ලස්සනයි,, ඔයා මගේ කවියා ..:)
ReplyDelete