
මුළු චිත්‍රපටියම විරහවේ වේදනාවෙන්
සංගීතය වුව විලාපයක්ය
ඔහු සිටි තැනට තබා බැලුවෙමි වෙන අය
මගේ හද මත මහා හැඬුමක් විය
_____________________________
බැස ඔබ තුළට
ඔබ නොවන ඔබ හැර යන්න
බිඳෙන් බිඳ මකනයෙන් බිඳුණු තැන්
පිරි මදින්නට දෙන්න
_____________________________
ඔබ අත අත් හැරුණෙක පවා කවියකි
එහෙත් එය ඉකි බිඳින කවියකි
___________________________
මට වැරදුණේ නැත
මඟ හැරුණේද නැත ඔබ
ඔබට වැරදෙන්න ඇති
මඟ ඇරෙන්නට ඇති මම
Picture - Atanas Matsoureff
ලස්සනයි. . ඇයි විරහවම මාතෘකාව කරගන්නේ.. දාමුකෝ ප්‍රේමනීය කවි පන්තියක්
ReplyDeleteආපස්සට ගිහින් බලන්නකෝ, මාසයක් දෙකක් එක දිගට කියවන්න පෙම් කවි ඇති! :)
Deleteමට ඔබ මඟ හැරුණු විට
ReplyDeleteමඟ හැරිණි, මට මාවම
තැන තැන සොයමි හැම දින
සොරාගෙන ගොස් ඔබ, නොතිබුණු දෙය.
!!
Deleteහැම එකක්ම වගේ මේකත් සුපිරි
ReplyDeleteමම වැඩිපුරම කැමති අලුත් යෙදුම් වලට
බිඳෙන් බිඳ මකනයෙන් බිඳුණු තැන් වගේ
ජයවේවා!
//ඔබට වැරදෙන්න ඇති
ReplyDeleteමඟ ඇරෙන්නට ඇති මම//
නියමයි.. ජය!!!
වැරදීමක් උනොත් මග හැරෙනවා... සාමාන්‍යයි..
ReplyDelete