
කහ ගැහුණු ධෝතියක් හැඳ
ඔබ හිඳ සිටියේය
රඹ පැහැ ගත් ගල් තලාවලින් වට
පොකුණු ගැට්ටක
සන්ධ්‍යාව එළඹෙද්දී
එකම එක වදනක් ඇසුවේය ඔබ මගෙන්
"කැමතිද?"
අහෝ පෙම්වත
සිය දහස් වසර දුර ඈත
බැඳුමකිය ඔබේ ඇස
ශීත සෘතුවක පවා
උණුසුම ගෙනෙයි මතකය
බැල තණ නටුවකින්
කලඹන්න පුළුවන්ද
ඔබට ආයෙම පොකුණු දිය?
Picture - Anastasov Oleg
පට්ටය....
ReplyDeleteස්තූතියි!!
Deleteරස වින්දෙමි
ReplyDelete:)
Deleteලස්සන කවියක්.
ReplyDeleteස්තූතියි!!
Delete