
බිබිලට තද වැස්ස
හිකි හිකි ගා කජු කොළ හිනාවෙනවැති
ගෙජ්ජි හඬකින් දිය පිරී දොළ ගලනවැති
හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති
තටු ගසා සැඟවුණු කොවුලෙක්
අවුරුදු ළඟැයි ගයන්නට තනනව ඇති
මදටිය, ඔළිඳ ඇට යටි වියන යට සැඟවෙනවැති
කෝච්චියක් මොකටදැයි හිවලෙක් හඬ නඟා අහනවැති
තිඹිරි ගස් තැඹිලි පැහැ මිණි මාල දියෙන් ඔප දමනව ඇති
අම්මා විතරක් බංකුවට විත් මහ පාර බලනව ඇති
Picture - Robert Hagan
NIYAMAI
ReplyDeleteකොළඹට මද වැස්සකුත් තිබුනා..
ReplyDeleteකොළඹට මඳ වැස්සකුත් තිබුණා..
Deleteමහ උනත් මඳ උනත්
ReplyDeleteවැස්සකට නොතෙමි - තෙමුනත්
හුස්මක් ගන්න බැරි උනත්
ගම යන්න තහනම් කියා දුක් උනත්..
එනවගක් කිව්වත් නැතත්
තෙමෙන වැස්සක හිරිකඩක්
රැගෙන එන මව් සුසුම් ගුලියක්
පුළුස්සයි මගේ නහර රෑකත්
//හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති//
ReplyDeleteකොයි තරම් ලස්සනට පද ගැටගහලාද??? මේක තමයි කවීත්වය කදු... දකින දේ වෙනස් ම විදිහට දැකීම සහ සුන්දරව ඉදිරිපත් කිරීම
මටත් මැවිලා පෙවුණා හබරළ කොළ උඩට වැටෙන වතුර බිංදු වල ඒ ලස්සන ,,නියමයි කඳු ,,,
Delete//හිකි හිකි ගා කජු කොළ හිනාවෙනවැති
ReplyDeleteගෙජ්ජි හඬකින් දිය පිරී දොළ ගලනවැති
හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති//
අපූරුයි!!
මඩොල්සිම කඳු සිරස,
ReplyDeleteවැසී යන වැහි ඇල්ල,
පහන්සිල නිවන්නට,
දඟ කරන සුළං රොද,
දෑතින්ම තරව ගෙන,
දුම් දමන තේ බඳුන,
පිළෙහි හිඳ හිරිකඩට,
තෙමෙන්නේ කවදාද?
දාන්න පහක්..බොහොම අපූරුයි කඳු!!!
හරි ලස්සනයි, පිළිතුරු! ස්තූතියි!!
ReplyDelete