Tuesday, December 11, 2012

තත් බිඳ දැමූ සිනිඳු අත්

පාළුවෙන් ඉරි තැලී උන්
මගේ හද වීණාවකැයි ඔබ කීවෙහිය
වාදනය කර සෙමින් හිත
උණුසුමෙහි නද රේඛා මැවුවෙහිය
තත් බිඳ දමා සිනිඳු අත්
දුර ඈත ගෙන ගියෙහිය
ගාන්ධර්වයාණෙනි
ඔබ යළිත් එන්නේ නැත
අයාලේ ගිය මගේ හිත
මම ම පිරිමැද ගනිමි
ඉරි තැලී ගිය තැන්
සෙමින් අලවමි

1 comment:

  1. කොතරම් ඇලෙව්වද,
    පිරියම් කල නොහැක,
    එයයි යථාර්ථය,

    ReplyDelete