Tuesday, December 11, 2012

දුවේ

සඳක ආලය පර ව යන විට
කඳුළු අතරින් එබී මැලවෙන
කිරි දරුවෙකිය නුඹ
මල සුවඳ හැර මලක කටු තුඩ
විස බමර තුඩ නසන පිරිපත
හඳුනගන්නට පමා වුණු සඳ
දුවේ කඳුළය උරුම පවසට

ගඟක් විලසට හඬා හෝ ඔබ
උගත යුතු ම ය මහරු පාඩම
හිරුන් හැම විට හිනා වෙන්නේ
රන් මාල ගෙල පළඳන්න නොව
දුවේ ඔබ මෙය උගත් කලකට
ගඟ සිඳින්නට හිරුට නොහැකිය

සුළඟ හැම විට හමා එන්නේ
නුඹෙ ලැසි බඳ බදන්නට නොව
නුඹව උදුරා දමන්නට වුව
සමත් රාගෙන් බැඳී විය හැක
උගතහොත් නුඹ ලොවේ මේ දම
නුඹ නසන්නට නලට නොහැකිය

No comments:

Post a Comment