අප අතර නටන සුළඟෙහි නැටුම
පහත් බිම දර්ශනයන්ගෙන් වසා ගමි
ළැම පලා මා ළයට
ඔබට කතා කළ හැක පෙම්වත
සුදු පරවි පෙඳ විසිරුණ
කූඩුවක දොර හරිමි
දහසකුත් කවි සමඟ
දැන් ඉතින් පියඹන්න
පෙළා මහ සමුදුර
සොරා ගත් කුරවි ගීයෙන
ඉන්දියානු සාගරයට විසි කළ හැක ඔබට
පාව එනු පිණිස ඔබේ ප්‍රේමය
එ විට ඔබ පෙම මැනිය හැක මට
මුහුද විසුරණ ලවණ රසයෙන
Author: Jan van Goyen |
Landscape, Painting, Oil on panel, Diam. 15.5 cm |
Origin: Holland, 1641 |
ගොඩාක් ලස්සනයි මචං..යොදාගෙන තියෙන වචන සුපිරි ..
ReplyDelete