Tuesday, December 4, 2012

එන්න ළං වී හුස්ම දෙන්නට

තනිකමින් ඔබ ගයාවි
විසල් දෙරණක චමත්කාරය
කුඩා වැහි බිඳුවකට කැටි කොට
තනිකමින් ඔබ ගයයි සොඳුරිය

නිම්න උල්පත් ගල් කුළින් පැන
නැසෙන බව නුඹ හිතන්නෙද තව
එන්න අත් අල්ලා පනින්නට
මැවෙන කවිකම රස බලන්නට

බිම්බ සඳ සෙවණැලි මවන සඳ
පුලිඟු අරණක සුනිල දහරක
එන්න ළං වී හුස්ම දෙන්නට
ජීවිතේ මල්කම මවන්නට

No comments:

Post a Comment