
සැරව ගලනා රාජ්ය සේවය නම් තුවාලයේ
රෝස මලක් මෙන් පැළ වී සිටීම
කොතරම් වේදනාකාරීද..
හැම මොහොතකම පලි ගැනීමේ ලියුම් අත පත් වෙන
කාර්ය සාධනය අසතුටුදායක බව දන්වන
අද්භූත චෝදනා ගැට ගසන
නිවැරදි දේ කිරීම වෙනුවෙන්
මෙහෙව් සම්මාන ලැබෙන
උදුරා දමන්නට ගස මුල
නිතරම පොර කන විට
මලක පෙති ගිලිහී
පියාපත් වෙයි මිතුර
පියාපත් සිඳ දා වනසන්නට තනන කල
තරුවක් වගේ අහසෙහි සිනා වෙයි මිතුර
කොතරම් වේදනාකාරිද නිවැරදි වීම
එබැවිනි, එන්න කියවන්න
යළි පෑන අන් අත තබනු බැරි
වේදනාවෙන් උමතු වන කවි
Picture - Scott Burdick, American, born 1967, Far Away
රාජිය සේවේ.. අපොයි මතක් කරන්න එපා..
ReplyDeleteහැක් හැක්..
Deleteමම දැක්කා කල්යාණ මිත්ර තැනක ලියල තියෙනවා කාන්තා නිලධාරින් ඉන්න කොට අල්ලස්-දූෂණ අඩු වෙයි කියල.. ගැහැනු හොරකම් කරන හැටි දැක්ක දවසට හුස්ම ගන්නත් අමතක වෙයි ඔන්න..
Deleteඅපිට බැයිද රෝසමලුත් සටනට යවන්න..
ReplyDeleteසටනය ඇති එකම විකල්පය!
Delete