වාලුකා තීරයම රතු විල්ලුදක් මෙන් හද සිදුරැ වූ ලෙයින් තෙතබරිත පෙඟී ගිය
අවසාන හෝරාවෙ ගිරි ශිඛර මත වැදී නින්නාද දෙන මියුරැ කිකිණි හඬ කොයිබින්ද
උණ්ඩයක් මෙන් සෘජුව දරදඬුව පසෙක ලූ යොවුන් හදවත විලස සැලෙයි කඳු තුරු ගොමුව
යුදබිමක් කියා ලොව නොවූවා නම් කිසිත් ඒ මිහිරි වීණාව සොයා යමි නිසැකවම
කිසිදිනෙක හෙළි නොකළ බැවින් උණුසුමැති හද සීතලට ගල් ගැසී නිහඬ විය වීණාව
එ'වීණාව තත් මඳින් මඳ සලිත කර වයන්නට කිසිදිනෙක යළිත් මට වරම් නැත
එහෙත් වාලුකා තල අතර වන මැද වැතිර අවසන්ම චුම්භනය තබා යමි තුරැපතර
මේ මහත් ලොව වසා ප්‍රේමයේ නමින් එය සියලු යුදබිම් මකා මිණිදැදිරි විය යුතුය
Shasika Amali Munasinghe
Painting - Sir Thomas Francis Dicksee
Inspiration - Niluka Kadurugamuwa' Poetry
No comments:
Post a Comment