ඔබ අහසක් කියා මට කියනවද
බිමට සඳ දිය එවනවද
අඳුර ගලනා මැදියමේ
කවියක් වගේ ගැයෙනවද
සැලෙන දෙලවන් අතර සිරවෙන
සහසක් වදන් තියෙනවද
තුඟු තුමුල ගිරි හිසක වැළපෙන
තිමිර පලවා හරිනවද
වෙන්ව යන්නට මොහොතකට පෙර
එකම වදනක් කියනවද
අත නෑර ළඟ හිඳින්නට බැරි
දුකට අඳුරෙහි ගිලෙනවද
ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteස්තූතියි මිතිල!
Deleteමිලින වන්නට පෙර මලක
ReplyDeleteසුවඳ විඳ තියෙනව ද
පර මලක සුවඳ යැයි
කොයි ලෙසින්වත් හිතෙනව ද?
මම පණිවිඩයක් තිබ්බා.. දකින්නට නැති නිසා දැන් නිතර..
Deleteඅදයි මේ පැත්තට ආවේ. ලස්සන කවි ටිකක්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි.. :)
Deleteඉංග්‍රීසි නොවූ ඉංග්‍රීසි රෝගියා!
ReplyDeleteකඳු ආයෙත් කවි රස විඳින්න ඇරුණු එකට හරි සතුටු!
:)
Delete