Monday, February 13, 2017

විසාලය මේ විසාලා නුවර



විසාලය මේ විසාලා නුවර
පිළී ගඳ ඇති මිනී ඔළු ඇති
යක්ෂයන් උරා බොන
දා රුහිරු වැතිර ඇති

මිනිස් මුහුණු පෙන්වා
මකරුන් රඟන නිති
මහ පොළොව මිරිකා
අවසන් දිය බිඳද සිඳ ගති

ඔලොගුවැති හැම දුකකම
කවිකම ලියා නැති
උර පතු නව නවා සතරත
කස පහර ලෙළවනු ඇති

Picture - Marina Podgaevskaya, Russian, born 1963, Angel Number 2

2 comments:

  1. // ඔලොගුවැති හැම දුකකම
    කවිකම ලියා නැති //

    <3

    ReplyDelete