
මොනතරං ලස්සනද
ඔබ මා දෑත් මත තබා ගෙන
සුළඟට හිස නවන ඔසවන
තුරැලතා දෙස බලා උන්
කාලය
ඔබ පිරිපුන්ව මඳ මඳ
පායා එන හැටි සඳක් මෙන්
දකින්නට ඕනෑ විය මට
ඔබෙ කුඩා අත් පා
සෙලවූයේ කොතරම් අලංකාරයකටද
ඔබේ මිණි කැට ඇස්
පෑදි දිය මෙන් උරා දෙන තුරැ දසුන්
ඉවසිල්ලක් තිබුණිද මා හට
"කෝ අපෙ තූති මැණික
කොහේ ගිහින්ද
හුඟ වෙලාවකින් දැක්කෙත් නෑ
සෙල්ලම් කරන්නවත් ගියාද...
ආ... මේ ඉන්නෙ මෙතනම"
ඔබ සිනා ගැන් වූ හැටි
මතක තියේවිද කිසි දින
මැති ඇමැතියන් ළඟ
විස්තර කරන කල නීතිය
රස කැවිලි පාර්සලයක් අත තබන කල
මට ඕනෑ ස්ටාෆ් එක කියන කල
මෙහෙවර හිස තබා ගෙන
මුළු දවසම වෙහෙසෙන කල
පුතේ මට මතක් වෙයි ඔබ
ඇයි මේ තරං අකුරැ ඇද නීති පොත්වල
අනේ මට ජීවිතය කාලෙම
හොවාගෙන ඔබ මා දෑත් මත
සදාකාලිකව ඉන්ට ඇත්නම්
මහා ඉකියකි මගේ හිත මත
ප්‍රසූත නිවාඩු අහවරව වැඩට එන අම්මලාගෙ කඳුළු, සාංකාවන් මං නොයෙක්වර දැකල තියෙනවා. දරු සෙනෙහස කියන්නෙ මහ පුදුමාකාර බැඳීමක්.... ප්‍රහර්ෂයක්...
ReplyDeleteඒ වගේම වේදනාවක්...
hm..
Delete