
"මා සඳට කියුවා බැස නොයන්නට යැයි
එහෙත් සඳ බැස ගියා
මා මලට කියුවා නොමියදෙන්නැයි කියා
එහෙත් මල මිය ගියා
සංසාරේ දුක කියා මා වැළපි මොහොතේ
ජීවිතය පමණක් හිනැහුණා"
සසර දුක් දත් යමෙක් වෙද ලොව
නිවෙන්නෙය ඔහු දුකද විඳ සතුටින්
මියු රස වළඳ විහඟෙකු
මල කෙරේ නොබැඳෙන්නා මෙන්
සතුට විඳගනු පිණිස
ගෙදර යනු පතා නොවැළෙපෙන්නේය ඔහු
ගෙයක් නැති බව දැන එවිට
නිවස්නේය නිසසලව යෙහෙන්
Picture - Isaac Lazarus Israëls, Dutch Artist (1865 - 1934)
කී වරක් මේ සසරේ ඒ සඳ බැස යන්න ඇතිද? කීවරක් බැසගිය ඒ සඳ සොයා ඔබ මම හඬන්නට ඇතිද?
ReplyDeleteඇත්ත කියා වැටහෙන නමුත් විඳගන්න අමාරුයි...