
දෝතින් වඩාගෙන ඇවිත්
වැළඳ කියවූ පොතකි
ඇස අගිස කඳුළකි
මුළු හදම සතුටකි
වියරණ දොස් ගැන කවියක
ඇසූ 'යුරු බුහුටි වදනට
මුසු කර අවසන මිතුර
"ආදරය ගැන
ඔබ හිතන්නේ කොහොමද?"
අසන විට එකම සිනහවකි
ආදර ලියුමක් වගේ
චමත්කාරය ඔබේ කවි
විරහ ගීයක් වගේ
විස්සෝපයෙනි මම සකි
පොතක් නම් මේ වගේ ඔබ කියයි
කඩදාසි සුවඳට එහා සුවඳක් ගලයි
එක රිත්මයෙන් අකුරු ගොඩ ගලයි
කවිවලින් පහරදෙන්නට හිතයි
"මොන තරගයක්දැයි නුඹට?"
නුඹ සිනාසෙනු මට ඇසෙයි
නැති වුණා නම් හොඳය
ක්ලැසිෆයිඩ් අන්තිමැති පද දෙක
පතකින් පතක් සූරා
බිඳ වැටෙන සරතය
කවියන්ටමය ඔබ
ලියා ඇත්තේ කවි පොත
බොමි එකින් එක කවි
ලලි ගුරාන් සුවඳ විඳ විඳ
නේපාලයේ කඳු බඩ
අවන්හලකට ගොඩ වැද
තිතට මත් වෙමු සකිසඳ
මතට තිත අපට කුමටද
කවි මතට තිත අපට කොහොමද?
එන්න සරතයට එළඹෙන
මිහිදුම ඉරා විසි කර..
Picture - Allan R Banks
හම්මේ පට්ට ඈ...
ReplyDeleteඇත්තමයි අක්කෙ මං මේ අහන්නමයි හිටියෙ බොලාලැයි ගෙදර කවි උල්පතක් වත් තියේද...
මේ වගේ ලස්සන ලස්සන කවි හැමදාම වස්සවන්නෙ...
අපූරුයි ඈ
ආ..? :)
Delete