
දිනෙක මා හිඳී ඔබ හද මත
තාරුකාවක් වගේ හිනා වී ගෙන
නිල ගැඹුරු වැසි ඉසෙන
වස්සානයද වසන්තයකි සොඳුර
ගයන්නට පෙර පද ලිහී ගිය
පිටිසර ගීතයක් වගේ ඔබ
ලවන් මත ලිහෙන්නද
උණුසුමක් ගෙන සොඳුර
වැසි ඉහෙන කල කඳු ඉස
රළ තබා මොනර නිල බර
ලෙළවයි ඇගේ පිල් කලඹ
කඳුකර මොනර ළඳ
Picture - Hélène Béland
අම්මප මේ බ්ලොග් එක අමරදේව ලොක්කවත් දකිනවා නං..
ReplyDeleteඉස්සර එහෙම හීනයක් තිබුණා.. :)
Deleteහීන තමයි සංසාරේ අප බඳවා තියාගන්නෙ
හීනවලට ඉමක් කොනක් තියෙනවාද මං අහන්නේ//